Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th December 2017 09:09:13 Hours

අම්පාරේ නත්තල් ඉහළින් සැමරේ

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංකය අති උත්කර්ෂවත් අන්දමින් අඛණ්ඩව දෙවන වරටත් නත්තල් බැති ගී ප්‍රසංගයක් බ්‍රහස්පතින්දා (21) දින අම්පාර එච්.එම් වීරසිංහ ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදී.

අම්පාර ශාන්ත ඉග්නේටියස් දේවස්ථානයේ කතෝලික පූජක තුමාගේ සහ 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එල්.එම් මුදලිගේ ගේ පූර්ණ අනුග්‍රහය යටතේ ආගමික සහජීවනය සහ හොඳහිත වර්ධනය කිරිමේ අරමුණින් මෙම වැඩසටහන පැවැත්විය.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල සමාරම්භක යාඥාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර කල්මුණේ, සූරි දේවස්ථානයේ පූජක තිරුචෙල්වම් පියතුමා විසින් මෙහි ආගමික වතාවත් සිදු කළහ.

පූජක රොහාන් වසන්ත පියතුමා විසින් සිදු කළ හඳුන්වාදීමේ දේශනයේ දී නත්තල් උත්සවයේ සැබෑ අරුත පිළිබඳ පැහැදිලි කරන ලදි.

අම්පාර පල්ලිය, ඉඟිනියාගල පල්ලිය, සූරිය කල්මුණේ පල්ලිය යුද්ධ හමුදාව සමඟ එක්ව සමාදානයේ කුමාරයා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ගීතිකා ගායනා කරනු ලැබීය.

අම්පාර දිස්ත්‍රික් ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා මෙහි විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගී විය.

ප්‍රකට සිවිල් සංවිධාන සහ ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව ද මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ඔවුන්ගේ උපරිම සහය ලබා දෙන ලදී.

නැගෙනහිර පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතා, 23 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් බී.ඩබ්.ඩී.පී. අබේනායක, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, සම්භාවනීය අමුත්තන් සහ බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

best Running shoes brand | UOMO, SCARPE