Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th November 2017 14:48:20 Hours

අ.පො.ස. (සා.පෙළ) විභාගයට පෙනි සිටින සිසුන් වෙනුවෙන් මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සහයෝගයෙන් තවත් අධ්‍යාපන සම්මන්ත්‍රණයක්

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ මුලිකත්වයෙන් මෙවර අ.පො.ස. (සා.පෙළ) විභාගය සඳහා සුදානම් වන මුලතිව් ප්‍රදේශයේ පාසල් සිසුන් සඳහා තවත් අධ්‍යාපන සම්මන්ත්‍රණයක් නොවැම්බර් 18 සහ 19 දෙදින පුරා ඔඩ්ඩුසුඩාන් මහා විද්‍යාලයේ දී පවත්වන ලදි.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ සංකල්පයක් මත කලාප අධ්‍යාපන කාර්යාලය සමඟ සම්බන්ධිකරණයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් පිරිසක් විසින් මෙම වැඩමුළුව පවත්වනු ලැබීය.

ඔඩ්ඩුසුඩාන් මහා විද්‍යාලයේ දෙදිනක් පුරා පැවැති මෙම සමුළුව සඳහා මුලතිව් ප්‍රදේශයේ පාසල් සිසුන් 171 දෙනෙකු සහභාගි වු අතර, එහිදි ගණිතය සහ විද්‍යාව පිළිබඳ දේශන පවත්වන ලදි.

64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර නියෝජනය කරමින් 641 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නිශාන්ත මානගේ මෙම අවස්ථාව සඳහා සහභාගි විය.

ජාතික අධ්‍යාපන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එස්. රාජේන්ද්‍රන් , සහකාර කථිකාචාර්ය සී. සුදේෂ් සහ අනෙකුත් කථිකාචාර්යවරුන් ගණිතය පිළිබඳ දේශන පැවැත්වු අතර, සහකාර කථිකාචාර්ය වී. රජුදේවන් සහ සහකාර කථිකාචාර්ය පී. අච්චුදන් ද මෙහිදි දේශන පැවැත්වුහ.

ඔඩ්ඩුසුඩාන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පන්කේසලම් මහතා, විදුහල්පති කේ. යෝගසේවරම් මහතා, ගුරුවරුන්, ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් සහ සිසුන් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

මේ අතර, අ.පො.ස. (සා.පෙළ) විභාගය සඳහා සුදානම් වන මුලතිව් ප්‍රදේශයේ පාසල් සිසුන් සඳහා තවත් අධ්‍යාපන සම්මන්ත්‍රණයක් මැරිටයිම්පත්තු ප්‍රාදේශිය ලේකම් කාර්යාල ශ්‍රවණාගරයේ දී සෙනසුරාදා (18) දින පවත්වනු ලැබීය.

මෙම සමුළුව සඳහා මැරිටයිම්පත්තු ප්‍රදේශයේ සිසුන් 115 දෙනෙකු සහභාගි වු අතර, එහිදි ගණිතය සහ විද්‍යාව පිළිබඳ දේශන පවත්වන ලදි.

විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මුතුරාසා සීවනේශ්වරන් මහතා සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශ්‍රාමික විදුහල්පති ආර්. අරිවාසා මහතා ඇතුළු ප්‍රවීණ ආචාර්ය මඩුල්ලක් විසින් මෙහිදි දේශන පවත්වන ලදි.

මෙම සම්මන්ත්‍රණය 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එන්.ඩී. වන්නිආරච්චි ගේ උපදෙස් මත එම සේනාංකය විසින් සංවිධානය කරනු ලැබීය.

Best Sneakers | adidas Yeezy Boost 350