Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් සේනාංක පැසිපන්දු තරඟාවලිය - 2018 හී ශූරතාවය තෙවන වරටත් 24 වන සේනාංක කණ්ඩායමට

24 වන සේනාංකය විසින් සංවිධානය කරනු ලැබූ අන්තර් සේනාංක පැසිපන්දු තරඟාවලිය - 2018 හි අවසන් තරඟය සහ සහතිකපත් ප්‍රදානෝත්සවය බ්‍රහස්පතින්දා (28) දින සන්ධ්‍යාවේ කාරතිව් විපුලානන්ද මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්විණි.

24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහභාගි විය.

තරඟාවලියේ අවසන් තරඟය සඳහා 22 සහ 24 වන සේනාංක කණ්ඩායම් තරඟ වැදුණු අතර පැසිපන්දු තරඟාවලිය - 2018 හි ශූරතාවය හිමිකරගැනීමට 24 වන සේනාංක ක්‍රීඩකයින් සමත්විය.

මෙවර තරඟාවලියේ හොඳම ක්‍රීඩකයා සහ හොඳම ප්‍රහාරකයා ලෙස 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ ලුතිනන් පී.සී.කේ. රණවීර තේරීපත් වූ අතර ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් පිරීනැමීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා එක්විය.

මෙම තරඟාවලිය සාර්ථකව පැවැත්වීම සඳහා 24 වන සේනාංකය යටතේ ස්ථාපිත සියලුම ඒකක සහ අම්පාර සටන් පුහුණු පාසල මෙන්ම විපුලානන්ද විද්‍යාලයේ විදුහල්පතිතුමන් ද සිය සහයෝගය ලRunning sneakers | Sneakers