Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th December 2022 10:03:30 Hours

අන්තර් රෙජිමේන්තු ‘මුයිතායි’ ශූරතාවය - 2022, විජයභාහු පාබල රෙජිමේන්තුවට

අන්තර් රෙජිමේන්තු ‘මුයිතායි’ ශූරතාවලිය - 2022, මෙවරත් යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 13 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 120 කට අධික සංඛ්‍යාවගේ සහභාගීත්වයෙන් පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ඉකුත් බදාදා (14) දින පැවති අතර, එහි ශූරතාවය විජයබාහු පාබල රෙජිමේන්තු මුයිතායි කණ්ඩායමේ ක්‍රීඩකයින් විසින් හිමිකර ගන්නා ලදී.

අන්තර් රෙජිමේන්තු ‘මුයිතායි’ ශූරතාවලිය - 2022, ගජබා රෙජිමේන්තු මුයිතායි කණ්ඩායම අනුශූරතාවයත් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මුයිතායි කණ්ඩායම දෙවන අනුශූරතාවයත් හිමිකර ගන්නා ලද අතර, මෙම ශූරතාවලියේ මූලික වටයේ තරඟ මෙම වසරේ ඉකුත් සැප්තැම්බර් මස පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුයිතායි කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් සංඛ ජයමහ විසින් ලබා දුන් උපදෙස් හා මඟපෙන්වීම් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුයිතායි කමිටුව විසින් මෙම ශූරතාවලිය ඉතා සාර්ථක අයුරින් සංවිධානය කරන ලදී. එම ශූරතා තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය එදිනම පැවති අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බ්‍රිගේඩියර් සංඛ ජයමහ සහභාගි විය.

එම ශූරතා තරඟාවලියේ ජයග්‍රහණයන් පහත සඳහන් කර ඇත.

ශූරතාව - විජයබාහු පාබල රෙජිමේන්තුව (රන් පදක්කම් 07, රිදී පදක්කම් 03 සහ ලෝකඩ පදක්කම් 04)

අනුශූරතාව - ගජබා රෙජිමේන්තුව (රන් පදක්කම් 01, රිදී පදක්කම් 06 සහ ලෝකඩ පදක්කම් 10)

දෙවන අනුශූරතාව - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව (රන් පදක්කම් 01, රිදී පදක්කම් 01 සහ ලෝකඩ පදක්කම් 02)

හොඳම ප්‍රහාරකයා - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ සාමාන්‍ය සෙබල කේ.ජී.සී.එස්.ඩී කොඩිතුවක්කු

හොඳම පරාජිතයා - විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් එස්.එච්.එල් සේනාරත්න