Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st December 2022 18:58:22 Hours

අන්තර් රෙජිමේන්තු චෙස් ශූරතාවයේ ජය ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා චෙස් ක්‍රීඩකයින්ට

ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු චෙස් ශූරතාවලිය - 2022 හි අවසන් මහා තරඟය සහ සම්මාන ප්‍රදානෝත්සවය දෙසැම්බර් මස 9 දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

යුද්ධ හමුදා චෙස් කමිටුවේ සභාපති සහ ඉංජිනේරු බලකායේ බලකාධිපති මෙන්ම ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් මහින්ද ජයවර්ධන ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල සහභාගි විය.

දෙසැම්බර් මස 05 සිට 09 දින දක්වා පනාගොඩදී පැවැත්වූ අන්තර් රෙජිමේන්තු චෙස් ශූරතාවලිය ඒකල හා කණ්ඩායම් වශයෙන් පැවැත්වූ අතර ඒ සඳහා රෙජිමේන්තු 15 ක් නියෝජනය කරමින් චෙස් ක්‍රීඩකයින් 130 දෙනෙකු සහභාගී වූහ.

අවසන් මහා තරඟය සමාප්තියේ මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල‌, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් තුසිත සිල්වා සහ මේජර් ජෙනරල් මහින්ද ජයවර්ධන එක්ව ජයග්‍රාහකයන් වෙත කුසලාන, පදක්කම් සහ සහතිකපත් ප්‍රදානය කරනු ලැබූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ චෙස් ක්‍රීඩකයින් මෙවර අන්තර් රෙජිමේන්තු චෙස් ශූරතාව දිනාගත් අතර, දෙවන ස්ථානය ශ්‍රී ලංකා පාබල හමුදාවේ ක්‍රීඩකයින්ටත්, තෙවන ස්ථානය ගජබා රෙජිමේන්තු චෙස් ක්‍රීඩකයන්ටත් හිමි විය.

ජයග්‍රාහී චෙස් කණ්ඩායම් සහ ජයග්‍රාහී චෙස් ක්‍රීඩකයින් පහතින් දැක්වේ:

විවෘත කණ්ඩායම

ශූරතාවය : ශ්‍රී ලංකා පාබල හමුදාව

පළමු අනුශූරතාව: ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය

දෙවන අනුශූරතාව: ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය

කාන්තා කණ්ඩායම

ශූරතාවය: ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය

පළමු අනුශූරතාව: ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය

දෙවන අනුශූරතාව: ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය

ඒකල විවෘත

ශූරතාවය: ගජබා රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල ඒම්.ඒ.ඒම්.පී. දිසානායක

පළමු අනුශූරතාවය: ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ඒ.ඒ.බී.ඩී.පී. අබේවර්ධන

දෙවන අනුශූරතාවය: ශ්‍රි ලංකා ඉංජිනේරු බලකායේ ලුතිනන් ඩී.ඒස්.අයි. සිරිවර්ධන

කාන්තා - ඒකල

ශූරතාවය: ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් අයි.ඒන්.ඩී. දසනායක

පළමු අනුශූරතාව: ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ජේ.එස්. ආරියරත්න

දෙවන අනුශූරතාවය: ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ඉංජිනේරු සෙබල පී.ටී.එස්. සමරසිංහ

විවෘත ඉසව් මණ්ඩල ත්‍යාග

මණ්ඩල අංක 1: ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකාය මේජර් ඒ.ඒ.බී.ඩී.පී. අබේවර්ධන, ලාන්ස් කෝප්‍රල් ආර්.ඒම්.ඒන්.කේ රත්නායක, සාමාන්‍ය සෙබල ආර්.ඒන්.ඒන් ද සිල්වා

මණ්ඩල අංක 2: සංඥා සෙබල ටී.වී.කේ. ඩයස්

මණ්ඩල අංක 3: ලාන්ස් කෝප්‍රල් කේ.ඒ.ඩී.ජේ.ඒල්. සේනානායක

මණ්ඩල අංක 4: ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ලුතිනන් ඩී.ඒස්.අයි. සිරිවර්ධන, ලාන්ස් කෝප්‍රල් ඒල්.ආර්.ඒන්.ඒස්. කුමාර

මණ්ඩල අංක 5: ලාන්ස් කෝප්‍රල් සෙනෙවිරත්න ඒ.ඒම්.පී.

මණ්ඩල අංක 6: ලාන්ස් කෝප්‍රල් එම්.ජේ.ටී. ලක්මාල්, කෝප්‍රල් කේ.එම්.එල්.එස්. බණ්ඩාර, සාමාන්‍ය සෙබල ඒ.එම්.එස්.ඒ. බණ්ඩාර

කාන්තා ඉසව් මණ්ඩල ත්‍යාග

මණ්ඩල අංක 1: ඉංජිනේරු සෙබල ඒච්.ඒම්.ඒන්.කේ. හේරත්

මණ්ඩල අංක 2: ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ජේ.එස්. ආරියරත්න

මණ්ඩල අංක 3: ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කපිතන් ඩබ්ලිව්.ඒ.ඒච්. ගිම්හානි

මණ්ඩල අංක 4: ලාන්ස් කෝප්‍රල් අයි.ඒන්.ඩී. දසනායක

මණ්ඩල අංක 5: සාමාන්‍ය සෙබල ජේ.ජී.වයි.ඒස් ජයසේකර සහ ඉංජිනේරු සෙබල පී.ඩබ්ලිව්.අයි.ඒස් කුමාරි

මණ්ඩල අංක 6: ඉංජිනේරු සෙබල ඒච්.පී.ඩී. මධුශාන්ති