Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරඟාවලියේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාවය ඉංජිනේරු බලකාය දිනාගනිති

යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුව විසින් සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරඟාවලියේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් මහා තරඟය පසුගිය බ්‍රහස්පතින්දා (08) දින පනාගොඩ ‘මුතුකුමරු’ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

අවසන් පූර්ව වටයේදී, ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු කණ්ඩායම සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම අවසන් මහා තරඟයට අවතීර්ණ වූහ. අවසන් මහා තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තිරණය කරන ලදී. එහිදී, පන්දුවාර 49.1 කදී සියලුදෙනා දැවී ලකුණු 190 ක් ලබාගැනීමට ඔවුහු සමත් වූහ. මෙම තරඟාවලියේ දී ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු කණ්ඩායමේ වමත් දඟපන්දු යවන ක්‍රීඩක හෂාන් සන්දීපන ලකුණු 38 කට කඩුලු 5 ක් ද, ලුතිතන් ඔමේෂ් විද්‍යාරත්න ලකුණු 33 කට කඩුලු 2 ක් ද දවාගැනීමට සමත්වූහ.

2020 අගෝස්තු මස 23 දින සිට පැවති මෙම තරඟාවලිය සඳහා රෙජිමේන්තු කණ්ඩායම් 10 ක් සහභාගී වූ අතර ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ. එම තරඟ පනාගොඩ පිහිටි ‘මුතුකුමරු’ යුද්ධ හමුදා ක්‍රීඩාංගණය, මත්තේගොඩ ඉංජිනේරු ක්‍රිකට් ක්‍රිඩාංගණය සහ දොඹගොඩ ශ්‍රී ලංකා යුධෝපකරණ බලකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය යන ක්‍රීඩාංගණ වලදී පැවැත්විණි.

තරඟාවලියේ මූලික තරඟයේ ජය ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා කණ්ඩායම විසින් හිමිකරගත් අතර ඔවුන් කඩුලු 4 ක් පමණක් දැවී ජයග්‍රාහී ලකුණු 191 ක් රැස්කළහ.

එහිදී, ශ්‍රී ලංකා ඉංජිනේරු කණ්ඩායමේ සිතුමිණ ඒකනායක පන්දු 119 කදී එක් 6 පහරක් සහ 4 පහර 4 ක් සමඟින් ලකුණු 64 ක් රැස් කළේය. එමෙන්ම, එම කණ්ඩායමේ හේෂාන් හෙට්ටිආරච්චි පන්දු 25 ක් තුළ එක් 6 පහරක් සහ 4 පහර 3 ක් සමඟින් ලකුණු 35 ක් රැස් කරගත්තේය.

අවසන් තරඟයේ ලකුණු සාරාංශය:

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම - 190 (49.1)

ලාන්ස් කෝප්‍රල් හේමාල් කොරතොට 70 (111)

රයිෆල් සෙබළ මයුර විජේසිංහ 29 (33)

ඉංජිනේරු සෙබළ හෂාන් සන්දීපන 5/38 (10)

ලුතිතන් ඔමේෂ් විද්‍යාරත්න 2/33 (9)

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා කණ්ඩායම 191/4 (44.4)

ඉංජිනේරු සෙබළ සිතුමිණ ඒකනායක 64* (119)

ඉංජිනේරු සෙබළ හේෂාන් හෙට්ටිආරච්චි 35* (25)

ලුතිතන් ඔමේෂ් විද්‍යාරත්න 29 (41)

රයිෆල් සෙබළ මයුර විජේසිංහ 3/21 (9)

රයිෆල් සෙබළ යොහාන් කල්හාර 1/29 (7) jordan Sneakers | Air Max