Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් ඒකක පාපන්දු තරඟාවලියේ ශූරතාවය 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය දිනාගනී

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ඒකක අතර පැවැති අන්තර් ඒකක පාපන්දු තරඟාවලිය අගෝස්තු මස 1 සහ 2 දිනයන්හි ත්‍රිකුණාමලයේ පිහිටි 4 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා ‘ක්ලැපන්බර්ග්’ (Clappenburg) කඳවුරේදී පැවැත්විණි.

6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කණ්ඩායම විසින් මෙවර තරඟාවලියේ ශූරතාවය හිමිකරගත් අතර තරඟාවලියේ අනුශූරතාවය 3 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කණ්ඩායමට හිමිවිය.

තරඟාවලියේ අවසන් තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ 221 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රියන්ත කාරියවසම් විසින් ජයග්‍රාහකයින් වෙත කුසලාන හා සහතිකපත් ප්‍රදානය කිරීම සඳහා එක්විය.

තරඟාවලියේ හොඳම ප්‍රහාරකයා ලෙස 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ රෝහක සෙබළ බී.ඩි.ජි.ජේ.ඒ. බණ්ඩාරගොඩ තේරීපත් වූ අතර හොඳම දැල්පන්දු රකින්නා ලෙස 3 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.එම්.පී. නිශ්ශංක තේරීපත් විය. latest jordans | adidas Yeezy Boost 350