Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th March 2018 08:56:59 Hours

අධ්‍යාපනය සඳහා දිරිගැන්වීමක් ලෙස පොත් බෙදාදීමේ තවත් උත්සවයක්

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 515 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 2 (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණියේ භට පිරිස් විසින් යාපනය දිසත්‍රික්කයේ නල්ලිනක්කපුරම් සහ කීරමලෙයි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන්ට උපකාර කිරීමේ තවත් ව්‍යාපෘතියක් සෙනසුරාදා (03) දින සංවිධානය කරනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය යටතේ 515 වන බලසේනාවේ සම්බන්ධිකරණයෙන් නල්ලිනක්කපුරම් සහ කීරමලෙයි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් සඳහා පොත් පාර්සල් 30 ක් පරිත්‍යගශීලින්ගේ අනුග්‍රාහකත්වය ඇතිව බෙදාදෙන ලදී.

51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න ගේ ආරාධනයෙන් මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සහභාගි විය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයින්, දෙමාපියන් සහ ගුරුවරුන් රැසක් ද එක්ව සිටියහ.

Best jordan Sneakers | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp