Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st March 2018 07:58:47 Hours

අතුරුදන් වූ උපාධි අපේක්ෂකයින් සොයා භට පිරිස් මෙහෙයුමක

හල්දුම්මූල්ල පොලිස් වසමේ බඹරකන්ද ප්‍රදේශයේ වංගෙඩිගලකන්ද කඳුවැටිය තරණය කිරීමට ගොස් අතුරුදන් වූ උපාධි අපේක්ෂිත විශ්ව විද්‍යාල සිසුන් කණ්ඩායමක් සොයා මධ්‍යම ආරක්ෂක සේනා මූල්සථානයේ 11 දෙනෙකුගෙන් සමන්විත ගලවාගැනීමේ කණ්ඩායමක් විසින් බදාදා (28) දින පැය කිහිපයක් පුරා මෙහෙයුමක් දියත් කරනු ලැබීය.

ලැබී ඇති තොරතුරු වලට අනුව, මෙම සිසුන් කණ්ඩායම කඳුකරය තරණය කරමින් සිටියදී ඇතිවු අයහපත් කාලගුණයත් සමඟ ඇතිවූ වර්ෂාව, සන්ධ්‍යාවේ ඇතිවූ අඳුරු ස්වභාවය සහ මිදුම් තත්ත්වය හේතුවෙන් නිවැරදි මාර්ගය සොයාගැනීමට නොහැකිව අතරමන් වී ඇත.

හල්දුම්මූල්ල පොලීසියේ සහන සේවා මධ්‍යස්ථානයේ දැනුම්දීමෙන් අනතුරුව මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් මත 11 දෙනෙකුගෙන් සමන්විත ගලවාගැනීමේ කණ්ඩායම විසින් දැඩි වර්ෂාපතනය, අධික සීතල කාලගුණය සහ ඝණ අන්ධකාරය මධ්‍යයේ කඳුකරය තරණය කරමින් සොයාගැනීමේ මෙහෙයුම් දියත් කළහ.

කෙසේ වෙතත්, බදාදා (28) දින උදෑසන වනවිට මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ ගලවාගැනීමේ කණ්ඩායම නිශ්චිත ස්ථානය නිරීක්ෂණය කරමින් කඳුකරයේ අතුරුදන්වී පීඩාවට පත්ව සිටි සිසුන් වෙත ළඟාවීමට සමත්විය.

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ නිලධාරියෙකුගේ අණදීම මත ක්‍රියාත්මක වූ මෙම යුද්ධ හමුදා කණ්ඩායම පැය පහක් පමණ කාලයක් පුරා සිදු කළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව ඔවුන් ආරක්ෂිතව රැගෙන ඒමට සමත් විය.

මෙම ගලවාගැනීමේ කණ්ඩායම අතුරුදන් වූවන් සොයාගැනීමෙන් අනතුරුව පසුදින (28) උදෑසන ආලෝකය වැටෙන තෙක් සිට හල්දුම්මුල්ල පොලීසියට පැමිණියහ.

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් මත මෙම යුද්ධ හමුදා ගලවාගැනීමේ කණ්ඩායම විසින් විශ්ව විද්‍යාල සිසුන්ව උදෑසන 10.30 ට පමණ හල්දුම්මූල්ල පොලීසිය වෙත භාරදෙනු ලැබීය.

Best Nike Sneakers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ