01st February 2024 19:12:34 Hours
පෙබරවාරි මස 04 වන දින පැවැත්වීමට නියමිත 76 වන නිදහස් දින උත්සවය සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පැවති පෙරහුරු පෙළපාලිය පරික්ෂා කිරීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, මාණ්ඩලික ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් බ්‍රහස්පතින්දා (පෙබරවාරි මස 01) දින එහි නිරීක්ෂණ සංචාරයක නිරත වූහ.
යුද්ධ හමුදාධිපතිතුමන් පෙළපාලිය සංවිධානය කිරීම සඳහා පැමිණ සිටි යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා කළ අතර, එහිදී එතුමන් පැරෂුට් භටයින් වෙත විශේෂ අවධානයක් යොමු කරමින් ඔවුන්ගේ ආරක්ෂාව සහ පුහුණු වීම් කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල්, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නිදහස් දින පෙළපාලිය අධීක්ෂණය කිරීම ද එහිදී සිදුකරන ලදී. ත්‍රිවිධ හමුදා භටපිරිස්වල සාමූහික සහභාගීත්වයෙන් මෙම උත්සවය සාර්ථකව පැවැත්වීම සඳහා ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු ඇගයීම මෙම නිරීක්ෂණ සංචාරයේ අරමුණ විය.