Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st December 2017 21:04:16 Hours

682 වන බලසේනාවේ භට පිරිස්හි සම්බන්ධිකරණයෙන් පුදුකුඩිඉරිප්පු පාසල් සිසුන් වෙත පරිත්‍යාගයක්

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 68 වන ‍සේනාංකයට අයත් 682 වන බලසේනාවේ භට පිරිස්, ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ මධ්‍යම පළාත් බාලදක්ෂිකාවන් සමඟ එක්ව පුදුකුඩුරිඉප්පු, වේනාවිල් ප්‍රදේශයෙහි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් වෙනුවෙන් ප්‍රජා සුභසාධන ව්‍යාපෘතියක් සංවිධානය කරනු ලැබීය.

මෙම ව්‍යාපෘතියේ දී භට පිරිස් විසින් වේනාවිල් ශ්‍රී මුරුගන්ද මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුන් 150 දෙනෙකු වෙනුවෙන් අභ්‍යාස පොත්, පාසල් බෑග්, සපත්තු සහ මේස් ඇතුළු පාසල් උපකරණ තොගයක් බදාදා (27) දින බෙදාදෙනු ලදී.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත 682 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩි.ජි. හේවගේ විසින් ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ මූල්‍ය අනුග්‍රහය ඇතිව මෙම ව්‍යාපෘතිය සංවිධානය කරනු ලැබීය.

මෙම පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු සහභාගි විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, යුද්ධ හමුදා නිලධාරින්, විදුහල්පති, සිසුන්, ගුරුවරුන්, දෙමාපියන් සහ සෙසුනිලයින් රුසක් එක්ව සිටියහ.

Nike air jordan Sneakers | Women's Nike Air Max 270 trainers - Latest Releases