Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th July 2016 13:36:34 Hours

66 වන සේනාංකයෙහි නව සේනාංකාධිපති සිය ධූරයෙහි රාජකාරි අරඹයි

66 වන සේනාංකයෙහි නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ඩී.සී කැප්පෙටිවලාන සිකුරාදා (22) පෙරවරුවේ ඉරනමඩුහි පිහිටි 66 වන සේනාංක මූලස්ථානයේ පැවති චාම් උත්සවයක දී සිය ධූරයෙහි රාජකාරී අරඹනු ලැබීය. නව සේනාංකාධිපති නිළ කාර්යාලයේ දී සිය ධූරයෙහි රාජකාරී බාර ගැනීමේ ලිපි ලේඛන සඳහා අත්සන් කරනු ලැබීය. එමෙන්ම නව සේනාංකාධිපතිතුමා වෙත 20 වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු සෙබලුන් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක් පිරිනමමින් සිය ආචාරය පිරිනමනු ලැබීය. එම අවස්ථාව සඳහා 66 වන සේනාංකය යටතේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් එක් වූහ.Running sneakers | Jordan Release Dates , Iicf