Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th December 2017 04:54:46 Hours

65 වන සේනාංකය සිය 9 වන සංවත්සරය සමරයි

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන ගේ මඟපෙන්විම යටතේ සිකුරාදා (15) දින වැඩසටහන් මාලාවක් සමඟින් සිය 9 වන සංවත්සරය සමරන ලදි.

65 වන සේනාංකයේ සේනාංකාධිපති වෙත කඳවුරු සම්මාන මුරයක් (15) දින පිරිනැමූ අතර, යුද්ධ හමුදා ගීතය ගායනා කිරීම, සමුහ ඡායාරූපයකට පෙනිසිටිම සහ කඳවුරු පරිශ්‍රයේ ‘සඳුන්’ පැළයක් රෝපනය කිරීම ද සිදු කිරීම එදින කාලසටහනෙහි වැඩසටහන් අතරින් විශේෂ ස්ථානයක් හිමිකර ගන්නා ලදි.

එමෙන්ම සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද එහිදි පැවැත් වූ අතර, නව පුස්තකාල ගොඩනැගිල්ල ද විවෘත කරන ලදි.

සංවත්සරයට සමගාමිව සිකුරාදා (15) දින නව පුහුණු භට නිවාසය වෙත 65 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් මුල්ගල තැබූ අතර, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරින් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

දෙසැම්බර් 16 දින බෞද්ධ ස්වාමින් වහන්සේලා 50 නමකට දානය පිරිනැමූ අතර, එදින සංගීත සැඳෑවක් ද පැවැත්විනි.

2011 වර්ෂයේ දී මල්ලාවි ප්‍රදේශයේදී මෙම සේනාංකය ආරම්භ කරන විට 5 වන කාර්ය සාධන බලකාය ලෙස ආරම්භ කරන ලද අතර මිට ප්‍රථම සේනාංකාධිපතිවරු 7 විසින් අණදීම සිදුකර තිබේ. වර්තමාන මේජර් ජෙනරාල් අතුල ගලගමගේ එවකට බ්‍රිගේඩියර් වරයෙකු වශයෙන් සේනාංකයේ 1 වන සේනාංකාධිපති ලෙස සේවය කර ඇති අතර, මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන වත්මන් සේනාංකාධිපති වරයා වේ.

Sports brands | Nike