Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th January 2019 12:05:28 Hours

65 වන සේනාංකයේ භට පිරිස් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 652 සහ 653 වන බලසේනාවන්හි සේවයේ නියුතු භට පිරිස් ජනවාරි මස 7 දින සිට 10 දින දක්වා ප්‍රජා සත්කාර ව්‍යාපෘතින් කිහිපයක් දියත් කළහ.

ඒ අනුව, 652 වන බලසේනාව යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිස් ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ සහයෝගය ඇතිව මෙතෝදිස්ත දේවස්ථාන පරිශ්‍රය සහ අක්කරායන්කුලම් පෙරපාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් සංවිධානය කරන ලදී.

එමෙන්ම, 653 වන බලසේනාව යටතේ ස්ථාපිත 21 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 70 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් අයියන්කන්කුලම් පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කළහ. මෙම ශ්‍රමදාන වැඩසටහන සඳහා ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ ද සහයෝගය හිමිවිය.

මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ උපදෙස් මත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම ගේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරනු ලැබීය.Asics shoes | Nike Air Max