Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th December 2017 10:35:51 Hours

64 වන සේනාංකයේ සිය 9 වන සංවත්සර දිනය අභිමානවත්ව සමරයි

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකය සිය 9 වන සංවත්සර දිනය, ක්‍රීඩා ඉසව්වන් සහ හමුදා සම්ප්‍රදායානුකූල උත්සව වැඩසටහන් මාලාවක් සංවිධානය කරමින් එම සේනාංක මුලස්ථානයේ දී සෙනසුරාදා (16) දින සමරනු ලැබීය.

සංවත්සර දිනයේ දී 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර වෙනුවෙන් හමුදා සම්ප්‍රදායානුකුලව කඳවුරු සම්මාන මුරයක් ප්‍රධාන දොරටුව අභීයස දී පිරිනමනු ලැබීය. තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සේනාංකාධිපති විසින් කඳවුරු පරිශ්‍රයේ ‘නා’ පැළයක් ද රෝපණය කරන ලදි.

අනතුරුව, සේනාංකාධිපති සියලු නිලයින් අමතමින්, යුද්ධ හමුදාවේ ප්‍රතිරූපය වර්ධනය කිරීමටත් සංහිඳියාව ඇතිකරලීමටත් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව තම සැලසුම් පැහැදිලි කළහ.

එදිනම විශේෂාංගයක් ලෙස සේනාංකාධිපති අභීයෝගතා කුසලාන ක්‍රීකට් තරඟාවලියේ අවසන් මහා තරඟය 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 26 වන ගජබා රෙජිමේන්තුව අතර 64 වන සේනාංක මුලස්ථාන ක්‍රීඩංගනයේ දී පවත්වන ලද අතර, එහිදි තරඟාවලියේ අභීයෝගතා කුසලානය විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම විසින් හිමි කරගන්නා ලදී.

64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර විසින් තරඟාවලියේ ජයග්‍රාහකයන් සඳහා කුසලාන සහ සහතිකපත් එදින සන්ධ්‍යාවේ දී ප්‍රදානය කරන ලදි.

සංවත්සර දිනයට සමගාමීව, 64 වන සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ දී සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.

Best Nike Sneakers | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5