Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th December 2022 15:03:15 Hours

64 වන සේනාංකයේ සංවත්සරය වෙනුවෙන් අනුරාධපුර රෝහලට අත්‍යවශ්‍ය රුධිර සංචිත වෙනුවෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන පාබල සේනාංකයේ 14 වන සංවත්සරය වෙනුවෙන් ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩසටහනක් අනුරාධපුර රෝහලේ රුධිර බැංකුව සමඟ එක්ව එම සේනාංක පරිශ්‍රයේදී ඉකුත් බ්‍රහස්පතින්දා (08) දින ක්‍රියාත්මක කරන ලදී. එම අවස්ථාවය සඳහා 64 වන පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් 130 දෙනෙකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී සිය රුධිරය පරිත්‍යාග කළහ.

මෙම ව්‍යාපෘතිය 64 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශ්ශංක ඊරියගම සහ 64 වන පාබල සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිනන් කර්නල් ඒ.ටී හජ්ජි ගේ සම්බන්ධීකරණයෙන් අනුරාධපුර රෝහලේ වෛද්‍යවරයෙක් ඇතුළුව 10 දෙනෙකුගෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙහෙයවන ලදී.

64 වන පාබල සේනාංකයේ නිලධාරීන් සහ සෙසු නිලයන් 130 දෙනෙකු රෝගීන්ගේ බරපතල අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් සංවත්සර දිනය වෙනුවෙන් සිය රුධිරය පරිත්‍යාග කිරීමට එක්වූහ. මෙම වැඩසටහන යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ඉල්ලීමකට අනුව අනුරාධපුර රුධිර බැංකුවේ වෛද්‍ය කාර්යය මණ්ඩලය විසින් සංවිධානය කරන ලදී.