Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th March 2024 17:44:28 Hours

64 පාබල සේනාංකයයේ සේනාංකාධිපතිතුමන් සිය බල ප්‍රදේශයේ නිල සංචාරයක

64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.එස් දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී, 2024 මාර්තු මස 16 දින එම සේනාංකයේ යටතේ ස්ථාපිත 641 පාබල බලසේනාවේ සහ 8 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නිල සංචාරයක නිරත විය.

කඳවුරු පරිශ්‍රයන් වෙත සැපැමිණි සේනාංකාධිපතිතුමන් 641 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී.බී.එල්. කොලොන්න යූඑස්පී සහ 8 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් එච්.එච්.එම්.පී.ජේ.බී. හේරත් ආර්එස්පී පීඑස්සී විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

භටපිරිස් විසින් අනතුරුව, යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පිරිනැමීමෙන් අනතුරුව, තම බලප්‍රදේශයන්හි කාර්යභාරයන්, වගකීම් සහ වත්මන් මෙහෙයුම් කටයුතු පිළිබඳව එතුමන් දැනුවත් කළහ. සංචාරයන් අතරතුදී, සේනාංකාධිපතිතුමන් 641 පාබල බලසේනාවේ සහ 8 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් ඇමතීය. මෙම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.