Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

62 වන සේනාංකයේ සංවිධායකත්වයෙන් වොලිබෝල් තරගාවලියක්

62 වන සේනාංකය විසින් සංවිධානය කරනු ලැබූ වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරගය ඉරිදා (8) දින ශ්‍රී පුර පදවිය පිහිටි එම සේනාංක මූලස්ථාන ක්‍රීඩාංගනයේ දී පවත්වනු ලැබීය.

පදවිය ශ්‍රී පුර එම සේනාංක ක්‍රීඩාංගනයේ ජනවාරි මස 7 සහ 8 යන දිනයන්හි පවත්වනු ලැබූ එම තරගාවලියේ පළමු වටය සඳහා ඒ සහ බී යන තරග අංශ දෙක යටතේ කණ්ඩායම් 11 ක් තරග වැදුනහ.

තරගාවලියේ අවසන් තරගය සඳහා 26 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම සහ 17 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු කණ්ඩායම තේරී පත් විය.

තරගාවලියේ ශූරතාවය 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු කණ්ඩායම ලබා ගත් අතර, අනුශුරතාවය 26 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම ලබා ගැනීමට සමත් විය.

62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී.එච්.එම්.ඒ විජේසිංහගේ මඟපෙන්වීම යටතේ එම සේනාංකය යටතේ ස්ථාපිත ඒකක සහ බලසේනාවල රාජකාරී නියුතු යුද හමුදා සාමාජිකයින්ගේ ක්‍රීඩා කුසලතා ඔප් නැංවීමේ අදිටනින් මෙම වොලිබෝල් තරගාවලිය සංවිධානය කරනු ලැබීය.

තරගාවලියේ කුසලාන සහ සහතික පත් ප්‍රදානය එම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගි වූ 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී.එච්.එම්.ඒ විජේසිංහ විසින් සිදු කරනු ලැබීය.

Sport media | Buy online Sneaker for Men