Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st May 2018 18:22:06 Hours

61 වන සේනාංකය සිය සංවත්සරය සමරමින් ළමා නිවාසයක් වෙත දිවා භෝජන සංග්‍රහයක් සහ ත්‍යාග පාර්සල් බෙදා දෙයි

වව්නියාව, 61 වන සේනාංකයේ 10 වන සංවත්සරයට සමඟාමීව සංවිධානය කරන ලද තවත් එක් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් ලෙස වව්නියාව, වෙප්පන්කුලම් හි අන්පකම් හින්දු ළමා නිවාසයේ වෙසෙන දරු දැරියන් වෙනුවෙන් සෙනසුරාදා (26) දින අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාදෙනු ලැබීය.

මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ගේ උපදෙස් පරිදි 61 වන සේනාංකයේ සියළුම නිලධාරින් සහ සෙසුනිලයින් විසින් සංවිධානය කරන ලදී.

මෙහිදී, ළමා නිවාසයේ නේවාසික ළමුන් 46 දෙනෙකුට සහ එහි සාමාජිකයන් 16 දෙනෙකු වෙත දිවා භෝජන සංග්‍රහයක් සහ සබන්, රෙදි සෝදන කුඩු, දත් බෙහෙත්, සිනී, තේකොළ ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුලත් ත්‍යාග පාර්සල් බෙදාදුන්හ.

මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීම පිළිබඳව ළමා නිවාසයේ ප්‍රධාන පාලීකාව වන ජයකරන් මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය විසින් යුද්ධ හමුදාව වෙත ස්තුතිය පුද කළහ.

Sports Shoes | Womens Shoes Footwear & Shoes Online