Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th December 2017 05:03:49 Hours

58 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

මේජර් ජෙනරාල් සුදත් පෙරේරා, බුස්ස පිහිටි 58 වන සේනාංකයේ 11 වන සේනාංකාධිපති ලෙස බ්‍රහස්පතින්දා (21) දින එම මුලස්ථානයේ දි රාජකාරි භාරගනු ලැබිය.

එහිදි නව සේනාංකාධිපති වෙත හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක් පිරිනමන ලදි.

මේජර් ජෙනරාල් සුදත් පෙරේරා, මහ සඟරුවනේ සෙත් පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ නිල ලේඛණ වලට අත්සන් තබමින් සිය ධුරයේ රාජකාරි භාරගැනිමෙන් අනතුරුව භට පිරිස් විසින් නව සේනාංකාධිපති වෙත සම්මාන පෙළපාලියක් ද පිරිනැමුහ.

එමෙන්ම, කඳවුරු පරිශ්‍රයේ පැලයක් රෝපණය කළ නව සේනාංකාධිපති, නිලධාරින් සහ සෙසුනිලයන් අැමතිමෙන්ම අනතුරුව සියලු නිල තේපැන් සංග්‍රහයට ද සහභාගි විය.

Nike air jordan Sneakers | nike air jordan lebron 11 blue eyes black people