Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd September 2022 18:21:55 Hours

56 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයේ 27 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් මංජුල කාරියවසම් අගෝස්තු මස 30 වන දින වවුනියාව, කොකෙළියේ පිහිටි 56 වන සේනාංක මූලස්ථානයේදී ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.

මඩුකන්ද පුරාණ රජමහා විහාරස්ථානයේ මහා සංඝරත්නය උදෙසා හීල් දානය පිරිනැමීමෙන් පසුව ආරම්භ වූ එදින උත්සවයේදී, 561, 562 සහ 563 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්ගේ සහ 56 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්, මහා සංඝරත්නයේ සෙත්පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ නව සේනාංකාධිපතිතුමන් සිය ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබුවේය.

56 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් මංජුල කාරියවසම් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම සේනාංක මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ. මෙම අවස්ථාව සනිටුහන් කරමින් නව සේනාංකාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළ අතර, එහිදී එම අවස්ථාවට සහභාගී වූ නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකයද පෙනී සිටිනු ලැබීය. පසුව මේජර් ජෙනරල් මංජුල කාරියවසම් 56 වන සේනාංකයේ භටපිරිස් අමතමින් සිය ඉදිරි දැක්ම විස්තර කළේය.

මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි සිදුකළ මේජර් ජෙනරල් සමන් ලියනගේ විශ්‍රාම යාමෙන් පසුව මේජර් ජෙනරල් මංජුල කාරියවසම් නව ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදී. මීට ප්‍රථම මේජර් ජෙනරල් මංජුල කාරියවසම් යුද්ධ හමුදා මූලස්ථානයේ මාණ්ඩලික රාජකාරි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ලෙස රාජකාරි සිදු කළේය.