Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

56 වන යුද්ධ හමුදා මළල ක්‍රීඩා තරඟාවලිය - 2019 ආරම්භ වෙයි

56 වන යුද්ධ හමුදා මළල ක්‍රීඩා තරඟාවලිය - 2019 අද (26) දින උදෑසන සුගතදාස ක්‍රීඩාංගණයේ දී නිල වශයෙන් ආරම්භ කෙරිණි. එහි සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සහභාගි විය.

මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තාව, බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මෙන්ම යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

එළඹෙන බදාදා (28) දින තෙක් පැවැත්වෙන මෙවර තරඟාවලිය ජවන හා පිටිය මළල ක්‍රීඩා ඉසව් 48 ක් යටතේ පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත. short url link | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp