Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th November 2022 06:30:48 Hours

552 වන බලසේනාව යාපනයේ සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීම සඳහා ඉංග්‍රිසි පාඨමලාවක් පවත්වයි

යාපනය අර්ධද්වීපයේ සුදුසුකම් ලත් සිසුන් සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය විසින් ක්‍රියාත්මත කරන ලද ඉංග්‍රීසි ඉගැන්වීමේ ව්‍යාපෘතියට සමගාමීව 55 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ මාර්ගෝපදේශය යටතේ 552 වන බලසේනා මූලස්ථානය විසින් ඉංග්‍රීසි භාෂාව පුහුණු කිරිමේ තවත් අදියරක් යාපනය අයියකච්චි පිහිටි 1 යාන්ත්‍රික පාබල රෙජිමේන්තු පරිශ්‍රයේදී පවත්වනු ලැබු අතර, ඒ සඳහා කඩ්ඩෙයිකාඩු, පලෙයි, අයියකච්චි යන ප්‍රදේශවල ළමුන් 75 දෙනෙකු පමණ සහභාගී වූහ.

මෙම ප්‍රජා ව්‍යාපෘතිය ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මගපෙන්වීම මත 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්නගේ උපදෙස් මත 552 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජයනාත් ජයවීරගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලදී.

පාසල්වල විෂය නිර්දේශයට අනුව 2022 වර්ෂයේ මුල් භාගයේදී ආරම්භ කරන ලද ඉංග්‍රීසි භාෂා පාඨමාලාව විවිධ කාණ්ඩ යටතේ පැවැත් වූ අතර, ඒ සඳහා ළමුන් 75 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් සහභාගී විය. ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය ඉංග්‍රීසි උපදේශිකා කපිතාන් රොෂ්නි රණසිංහ පාඨමාලාව භාරව කටයුතු කරනු ලබයි.

මෙම ව්‍යාපෘතිය යාපනය අර්ධද්වීපයේ සිවිල් - හමුදා සයෝගිතාවය ඉහළ නැංවීම අරමුණින් ක්‍රියාත්මක කරන ලදී.