Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th December 2022 21:30:12 Hours

532 වන බලසේනාවේ මූලිකත්වයෙන් විශේෂ අවශ්‍යතා සහිත සිසුන් දෙදෙනෙකු වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක්

දෙහිඅත්තකණ්ඩිය, සමනලතැන්න සහ ඇහලගම ගම්මානවල වෙසෙන විශේෂ අවශ්‍යතා සහිත සිසුන් දෙදෙනෙකු මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳ 532 වන බලසේනාව දැනුවත් වීමෙන් අනතුරුව ගයා මීවැල්ල මහත්මියගේ අනුග්‍රාහකත්වය මත භටපිරිස් විසින් එම සිසුන් දෙදෙනා වෙත රෝද පුටු දෙකක් සහ ඔවුන් වෙත අත්‍යවශ්‍ය පාසල් උපකරණ ද පිරිනමනු ලැබීය.

532 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුමාල් වික්‍රමසේකරගේ ඉල්ලීමකට අනුව පරිත්‍යාගශීලී ගයා මීවැල්ල මහත්මිය විසින් මෙම ව්‍යාපෘතියට අනුග්‍රහකත්වය දක්වනු ලැබු අතර, එතුමන් විසින් අධ්‍යාපන කටයුතු සඳහා දක්‍ෂතා දක්වනු ලබන එම සිසුන්ගේ නිවෙස් වෙත ගොස් ඔවුන්ට රෝද පුටු සහ පාසල් උපකරණ ලබා දී තිබිණි.