24th November 2022 17:49:52 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ තවත් එක් ප්‍රජාමූලික ව්‍යාපෘතියක් ලෙස එම සේනාංකයේ භටපිරිස් විසින් පසුගිය අඟහරුවාදා (22) දින යාපනය, කයිතඩි ප්‍රදේශයේ පිහිටි ‘වැඩිහිටි නිවාසයේ’ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් පිරිනමනු ලැබීය.
52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දුගේ උපදෙස් හා 52 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් ප්‍රියන්ත රණතුංග ගේ අධීක්ෂණය මත 523 වන බලසේනාවේ භටපිරිස් විසින් මෙම වැඩසටහන සිදුකරනු ලැබීය.
මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා අණදෙන නිලධාරින් සමඟ තවත් නිලධාරින් සහ සෙසුනිලයන් කිහිපදෙනෙකු ද එක්වූහ.