Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th August 2022 18:15:53 Hours

512 වන බලසේනාවේ 27 වන සංවත්සරය වෙනුවෙන් ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ 512 බලසේනාවේ 27 වන සංවත්සර සැමරුම් උත්සවයට සමගාමීව එම බලසේනාවේ භටපිරිස් සම්බන්ධිකරණයෙන් මීගමුව ‘ඔරියන්ට් සිංහ සමාජයේ’ සහ යාපනය ‘ගේට්වේ සිංහ සමාජයේ’ මූල්‍යමය අනුග්‍රහය ඇතිව යාපනය සහ කයිට්ස් ප්‍රදේශවල ජිවත්වන දෘෂ්‍යාබාධිත සිවිල් වැසියන් 100 දෙනෙකුට නොමිලේ ඇස් කණ්ණාඩි සහ එම ප්‍රදේශයේම පාසල් අධ්‍යාපනය ලබන පාසල් සිසු සිසුවියන් සඳහා පාසල් පාවහන් යුගල 50 ක් ප්‍රදානය කිරීමේ ප්‍රජා සත්කාරක වැඩ සටහනක් පසුගිය සඳුදා (22) පවත්වන ලදී.

යාපනය ශික්‍ෂණ රෝහලේ අක්ෂි සායන අංශය විසින් 51 වන සේනාංක මූලස්ථානයේ භටපිරිස්හි සහයෝගය ඇතිව නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමට සුදුසු දෘෂ්‍යාබාධිත සිවිල් වැසියන්ගේ අක්‍ෂි පරීක්‍ෂාවන් සිදුකරනු ලැබූ අතර, පාසල් පාවහන් බෙදාදීම සඳහා එම පාසල්වල ගුරු භවතුන්ගේ සහ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහතුන්ගේ සහයෝගයද ඇතිව ප්‍රතිලාභි පාසල් සිසු සිසුවියන් හඳුනාගනු ලැබීය.

මෙම ප්‍රජා සත්කාරක වැඩ සටහන ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ 51 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උදය කුමාරගේ සහභාගීත්වයෙන් 512 වන බලසේනාවේදී පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා පරිත්‍යාගශීලී දායකත්වය ලබාදුන් සිංහ සමාජ නියෝජිතයන්ද සහභාගී වූහ. 512 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් තනුජ ගොඩවත්ත විසින් භටපිරිස් හි සහය ඇතිව වැඩසටහන සමීපව අධීක්‍ෂණය කරමින් අවශ්‍ය උපදෙස් ලබාදෙනු ලැබූහ.