Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th October 2022 16:42:29 Hours

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් වන දුවා දරුවන් වෙනුවෙන් වැඩසටහනක්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් වන දුවා දරුවන්ගේ දැනුම ඔප්නැංවීමේ අරමුණින් වැලිඔය පිහිටි 622 වන බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී 2022 ඔක්තෝබර් මස 25 දින ‘පහට පහක්’ නමින් අධ්‍යාපනික වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.

62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි ගේ උපදෙස් පරිදි ආරම්භ කරනු ලැබූ මෙම වැඩසටහන ආරම්භයේදී වැලිඔය ප්‍රදේශයේ පාසල් 15 ක 5 ශ්‍රේණිය දුවා දරුවන් 290 දෙනෙක් සඳහා ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගත් ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල දහයක් බෙදා දෙන ලදී.

622 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඉනොජ් හේරත් ගේ අධීක්‍ෂණය මත එම බලසේනාව යටතේ ස්ථාපිත 9 සහ 20 වන ගජබා රෙජිමේන්තු භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම වැඩසටහන සඳහා ප්‍රසාද් ලොකුබාලසූරිය මහතාගේ මූලිකත්වයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින් සහ තවත් පිරිසක් එක්ව අනුග්‍රහය දැක්වීය. තිලංක මෙන්ඩිස් මහතා, කුෂාන් චතුරංග මහතා, නදීර ජයසිංහ මහතා, සදමාලි ගෝනගල මහත්මිය සහ සචිත් ගයාන් වික්‍රමාරච්චි මහතා ඇතුළු ආදි ශිෂ්‍ය සංගමයේ සෙසු සාමාජිකයින්ද මෙම අවස්ථාවට එක්වූහ.