Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th August 2023 22:09:45 Hours

5 ශ්‍රී ලංකා පාබල හමුදාවේ 36 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

5 ශ්‍රී ලංකා පාබල හමුදාවේ 36 වන සංවත්සර දින සැමරුම වෙනුවෙන් අගෝස්තු මස 15 දින හමුදා සම්ප්‍රදායානුකූලව ආගමික වතාවත් සඳහා මුල්තැනක් දෙමින් සංවත්සර සැමරුම් උත්සවයක් පැවැත්විණි.

මෙම සංවත්සර සැමරුමට සමගාමීව ක්‍රීඩා වැඩසටහන්, සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක්, හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයක්, සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් සහ සංගීතමය වැඩසටහනක් ද පැවැත්විණි.

5 ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව වර්ෂ 1987 අගෝස්තු මස 15 දින මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේදී ස්ථාපිත කෙරිණි. දශක තුනක් පුරාවට පැවති මානුෂීය මෙහෙයුමේදී 5 ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේ භටපිරිස් කොටි ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීමට සක්‍රීයව සිය දායකත්වය දැක්වූහ.