Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th March 2024 18:07:11 Hours

5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ධාවන පැදි ශූරතාවලිය සාලියපුරදී සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුව විසින් සංවිධානය කරන ලද 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ධාවන පැදි ශූරතාවලිය මෙවරත් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී ගේ උපදෙස් මත සාලියපුර ගජබා සුපර් ක්‍රොස් ධාවන පථයේ දී පසුගිය සඳුදා (මාර්තු මස 11) දින පවත්වනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 13 ක් නියෝජනය කරමින් තරඟ ඉසව් 06ක් යටතේ තරඟකරුවන් 30 දෙනෙකු මෙම තරඟාවලිය සඳහා සහභාගී වූහ. තියුණු තරඟයකින් පසුව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ක්‍රීඩකයින් තරඟාවලියේ සමස්ත ශූරතාවය හිමිකර ගැනීමට සමත් විය.

තරඟාවලිය සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ජයග්‍රාහකයින් වෙත සම්මාන සහ කුසලාන ප්‍රදානය කරනු ලැබූ අතර, තරඟය නැරඹීම සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් ද එක්වූහ.

ජයග්‍රාහකයින් පහත පරිදි වේ.

ශූරතාවය හිමිකර ගත් රෙජිමේන්තුව - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය

අනුශූරතාව හිමිකර ගත් රෙජිමේන්තුව - ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය දක්‍ෂතම ක්‍රීඩකයා - ලාන්ස් කෝප්‍රල් කේ.ඒ.ඩී.ආර්. ජයෂාන් (ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය)

125cc Standard (ආධුනික) ඉසව්ව

පළමු ස්ථානය - මේජර් ටී.කේ. පලිහක්කාර (ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය)

දෙවන ස්ථානය - ලුතිනන් ඩබ්ලිව්.පී.එල්. විදුරංග (ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය)

තෙවන ස්ථානය - කෝප්‍රල් එච්.එම්.ඩී. සමරකෝන් (ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය)

125cc Standard Racing ඉසව්ව

පළමු ස්ථානය - ලාන්ස් කෝප්‍රල් කේ.ඒ.ඩී.ආර්. ජයෂාන් (ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය)

දෙවන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් ඒ.ඩබ්ලිව්.එල්.ජේ. කුමාරසිංහ (ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය)

තෙවන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් එල්.ජී.ඩී.බී. ගමගේ (ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය)

125cc Standard ඉසව්ව

පළමු ස්ථානය - කෝප්‍රල් එම්.එම්.එස්.එස්. ගයාන් (ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය)

දෙවන ස්ථානය - කෝප්‍රල් ජේ.එම්.එස්. ජයලත් (ඉංජිනේරු සේවා බලකාය)

තෙවන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් ටී.ඩබ්ලිව්.එම්.එස්. දිසානායක (ශ්‍රී ලංකා සංඥා බලකාය)

Super Motor 250 – 450 cc ඉසව්ව

පළමු ස්ථානය - පාබල සෙබල එන්.එම්.බී.ඩී. සෙනෙවිරත්න (ගජබා රෙජිමේන්තුව)

දෙවන ස්ථානය - මේජර් ඒ.ඒ.එල්.එන් අධිකාරි (ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව)

තෙවන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.වී.ජී.එස්. සංජීව (විජයබාහු පාබල රෙජිමේන්තුව)

250 cc Standard ඉසව්ව

පළමු ස්ථානය - කෝප්‍රල් එච්.එම්.එස්.එස්. ගයාන් (ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය)

දෙවන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් ඒ.ඩබ්ලිව්.එල්.ජේ. කුමාරසිංහ (ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය)

තෙවන ස්ථානය - කාර්මික සෙබල එච්.ඒ. ෂෙහාර (ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය)

250 cc Racing ඉසව්ව

පළමු ස්ථානය - ලාන්ස් කෝප්‍රල් කේ.ඒ.ඩී.ආර්. ජයෂාන් (ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය)

දෙවන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් ඒ.ඩබ්ලිව්.එල්.ජේ. කුමාරසිංහ (ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය)

තෙවන ස්ථානය - තුවක්කු සෙබල ටී.කේ.ආර්.එන්.එස්. කුමාර (ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව)