Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th November 2022 18:40:43 Hours

3 වන (සෙවෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස්හි තවත් නිර්භීත ක්‍රියාවක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයේ 613 වන බලසේනා බලප්‍රදේශයේ නිල්වලා ගඟ අසල පිහිටි 3 වන (සෙවෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් පසුගිය සෙනසුරාදා (19) දින රාත්‍රී 0800 ට පමණ මාතර මහානාම පාලමෙන් නිල්වලා ගඟට පැන සියදිවි හානිකර ගැනීමට තැත් කෙරූ 74 හැවිරිදි පුද්ගලයෙකුගේ ජීවිතය බේරා ගන්නා ලදී.

3 වන (සෙවෙච්ඡා) ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරීතුමන්ගේ උපදෙස් මත නිල්වලා ගඟ අසල රාජකාරියෙහි නියුතු භටපිරිස් විසින් කඩිනමින් ක්‍රියාත්මක වී ජීවීතාරක්‍ෂක බෝට්ටුවක් උපයෝගී කර ගනිමින් අදාල පුද්ගලයාගේ ජීවිතය බේරා ගෙන තිබිණි.

භටපිරිස් විසින් එම පුද්ගලයාට ප්‍රථමාධාර ලබාදීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙතට ඇතුළත් කරන ලදී.