Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th November 2022 21:14:08 Hours

231 වන බලසේනාවේ 11 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

කල්ලඩි ප්‍රදේශයේ පිහිටි 231 වන බලසේනා මූලස්ථානයේ 11 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් පසුගිය සිකුරාදා (11) දින හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයක් පැවැත්විණි.

සංවත්සර දිනයේදී එම බලසේනා මූලස්ථානය වෙත සපැමිණි බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර වෙත ප්‍රධාන දොරටුව අභියසදී 231 වන බලසේනාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබූහ. අනතුරුව, එම බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් පසු බලසේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයන් සමඟ සමූහ ඡායාරූපයකට ද එක්විය.

බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර විසින් එම බලසේනාවේ සියලුම නිලයන් අමතමින් සියලු නිලයන්ගේ විනය ඉහළම මට්ටමකින් පවත්වාගැනීමේ අවශ්‍යතාවය සහ ඔවුන් කැපවූ කාර්යභාරයන් ඉදිරියටත් අඛණ්ඩව පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳව ද පැහැදිලි කළේය.

එදින සන්ධ්‍යාවේ පැවති සියලු නිල දිවා භෝජන සංග්‍රහයකින් අනතුරුව මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් විය.