Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd September 2018 18:00:09 Hours

224 වන බලසේනාව සිය 7 වන සංවත්සරය සමරයි

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 224 වන බලසේනාවේ විශේෂ වැඩසටහන් රැසක් සමඟින් සෙනසුරාදා (25) දින සිය 7 වන සංවත්සරය සමරනු ලැබීය.

සංවත්සර දිනයේ දී, 224 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඊ.ඒ.පී. එදිරිවීර වෙත ශ්රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් හමුදා සම්ප්රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.

අනතුරුව, 224 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් එම බලසේනාවේ සියලු නිලයින් අමතමින් ප්රදේශයේ ජනතාව අතර සාමය හා සංහිඳියාව ශක්තිමත් කිරීම සඳහා දියත් කරනු ලබන විවිධ ව්යාපෘති සඳහා සහයෝගය ලබාදෙමින් කටයුතු කරන ලෙස ද ඉල්ලා සිටිනු ලැබීය.

224 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඊ.ඒ.පී.එදිරිවීර සමඟින් එම බලසේනාවේ සියලුම නිලධාරින් සහ සෙසුනිලයින් සංවත්සර දිනයට සමගාමීව පැවැති සියලු නිල දිවා භෝජන සංග්රහය සඳහා ද සහභාගි විය.

එදින සන්ධ්යාවේ සංවත්සර උත්සවයට සමගාමීව මූතුර් විහරස්ථානයේ දී 224 වන බලසේනාවේ බලසේනාධිපති ඇතුලු අනෙකුත් යුද්ධ හමුදා සාමාජිකයිනගේ සහභාගිත්වයෙන් ආගමික වැඩසටහනක් ද පැවැත්විණි. bridge media | Nike