Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th October 2022 18:49:43 Hours

22 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් සාලිය අමුණුගම පසුගිය බදාදා (5) දින ත්‍රිකුණාමලයේ පිහිටි 22 වන සේනාංක මුලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගන්නා ලදී.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් 22 වන සේනාංක මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමූහ.

ඉන් අනතුරුව, මේජර් ජෙනරල් සාලිය අමුණුගම සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් 22 වන සේනාංකයේ සේනාංකාධිපති ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

පසුව, නව සේනාංකාධිපතිතුමන් 22 වන සේනාංකයේ අභිවෘද්ධිය වෙනුවෙන් එතුමන් සතු දැක්ම පිළිබඳ නිලධාරින් සහ සෙසුනිලයන් අමතා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සඳහා 22 වන සේනාංකය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන්, මාණ්ඩලික නිලධාරින්, අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්වූහ.