Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th December 2017 07:42:45 Hours

22 වන සේනාංකය සහ ‘ලක් කළණ සමාජය’ වෙතින් ත්‍රිකුණාමලය වැසියන්ට අක්ෂි සායනයක්

22 වන සේනාංක භට පිරිස්, පොලිසීය සහ ‘ලක් කළණ සමාජය’ සමඟ එක්ව සංවිධානය කරන ලද අක්ෂි සායනයක් සෙනසුරාදා (09) දින ත්‍රිකුණාමලය ශ්‍රී විජයාරාමය විහාරස්ථානයේ දී පැවැත්වු අතර එහිදී දෘෂ්‍යාබාධ සහිත ආර්ථීක අපහසුතාවයන්ගෙන් පෙලෙන සාමන්‍ය වැසියන් වෙනුවෙන් ඇස් කණ්ණාඩි 300 ක් බෙදාදීම සිදුවිය.

ශ්‍රී ලංකා අක්ෂි දාන සමාජයේ වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම ජංගම අක්ෂි සායන කඳවුර පවත්වන ලද අතර එහිදි සාමන්‍ය වැසියන් 460 කට වැඩි පිිරිසකගේ ඇස් පරික්ෂා කිරිමෙන් අනතුරුව හදුනාගත් අක්ෂි ආබාධ සහිත අයවළුන්ට සුදුසු ඇස් කණ්ණාඩි නිර්දේශ කරන ලදී.

22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ මඟපෙන්විම යටතේ එම සේනාංකය විසින් මෙම වැඩසටහනේ සියලු කටයුතු සම්බන්ධිකරණය කරනු ලැබීය.

මෙම අක්ෂි සායනය සඳුදා (18) දිනට යෙදුණු ‘ලෝක දෘෂ්ඨි දිනයට’ සමගාමීව පවත්වන ලද අතර, කොළඹ පිහිටි ශ්‍රී ලංකා අක්ෂි දාන සමාජය මේ සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබාදුන්හ.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 221 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුමිත් ප්‍රේමලාල් සහභාගි වූ අතර, ත්‍රිකුණාමලය නියෝජ්‍ය පොලිස්පති ආර්.එම්.එන්.ජි පෙරේරා ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

‘ලක් කළණ’ සමාජයේ සභාපති සුගත් ප්‍රසන්ත, යුද්ධ හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරින් සහ රාජ්‍ය නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

url clone | Women's Nike Superrep