Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th December 2022 18:56:59 Hours

200 කට අධික යුද්ධ හමුදා භටපිරිසක් යාපනය ශික්‍ෂණ රෝහල වෙත ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩසටහනකට සහභාගී වෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන පාබල සේනාංකයේ 26 වන සංවත්සර සැමරුම් උත්සවය වෙනුවෙන් එම සේනාංක මූලස්ථානයේ සහ ඒ යටතේ පාලනය වන බලසේනා සහ ඒකකයන්හී සේවයේ නියුතු භටපිරිස් 200 ක පිරිසක් ස්වේච්ඡාවෙන් යාපනය ශික්‍ෂණ රෝහල වෙත ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩසටහනක් සඳහා ඉදිරිපත් වූහ. යාපනය ශික්ෂණ රෝහලේ රුධිර බැංකුව විසින් සංවිධානය කරනු ලැබු මෙම වැඩසටහන යාපනය, කඩෙයිකාඩු ස්ථාපිත 55 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

551, 552 සහ 553 යන පාබල බලසේනාවල සහ ඒ යටතේ පාලනය වන ඒකකවල නිලධාරීන් සහ සෙසු නිලයන් යාපනය ශීක්‍ෂණ රෝහලේ දැනට හිඟව ඇති රුධිර සංචිත පිළිබඳව අවශ්‍යතාවය දැනුවත් වීමෙන් අනතුරුව මෙම ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩසටහන වෙනුවෙන් දායක වූහ. යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් මෙම ක්‍රියාව සම්බන්ධයෙන් යුද්ධ හමුදාවට ප්‍රශංසා කළ අතර, සංවත්සරය වෙනුවෙන් සිදුකරනු ලැබු මෙම මානූෂීය ක්‍රියාව වෙනුවෙන් ඔවුන්ගේ කෘතඥතාවය පුදකරනු ලැබූහ.

මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්නගේ අධීක්‍ෂණය යටතේ එම කොට්ඨාශයේ වෛද්‍ය නිලධාරිවරයා සහ යාපනය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය මෙම ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදී.