Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th November 2022 21:20:57 Hours

2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස් විසින් අස්වද්දන ලද කුඹුරුවල වී අස්වනු නෙලාගනී

ගිරිතලේ ප්‍රදේශයේ පිහිටි 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘හරිත කෘෂිකර්මාන්තය සහ ආහාර සුරක්‍ෂිතතාව’ වැඩසටහනට සමගාමීව මීට මාස 4 කට පෙර අස්වද්දන ලද වගුරු බිම් කොටස්වල ප්‍රථම අස්වනු නෙලීමේ මංගල්‍යය පසුගිය සිකුරාදා (11) දින පැවැත්විණි.

ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මේජර් ජෙනරල් චානක මෙත්තානන්ද ගේ උපදෙස් මත 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස් විසින් ගිරිතලේ ප්‍රදේශයේ අක්කර 3 ක තෙත්බිම් කොටසක් තුළ බිම් සැකසීමේ කටයුතු සිදුකර මෙම වසරේ අගෝස්තු මාසයේදී බිත්තර වී වැපිරීමේ කටයුතු සිදුකරනු ලැබීය.

මෙම ව්‍යාපෘතියේ අධීක්‍ෂණ කටයුතු සිදුකරනු ලැබූ 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් එන්.පී.ඊ.එන්. නේරංගම ප්‍රමුඛ එම ඒකකයේ භටපිරිස්හී මූලිකත්වයෙන් මෙම අස්වනු නෙලීමේ මංගල්‍යය පැවැත්විණි.