Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st November 2022 22:21:54 Hours

18 වන ගැමුණු හේවා බළකායේ 14 වන සංවත්සරයට සමගාමීව ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩසටහනක්

දඹේගොඩ, මාලිගාවිල ප්‍රදේශයේ පිහිටි 18 වන ගැමුණු හේවා බළකායේ 14 වන සංවත්සරයට සමගාමීව එම ඒකකයේ භටපිරිස් විසින් මොණරාගල රෝහල් ලේ බැංකුවේ සංචිතයන් වෙත අවශ්‍යව පැවැති රුධිර සංචිතයන් ලබාදීමේ අරමුණින් ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (17) දින පැවැත්වූ අතර එම වැඩසටහන සඳහා නිලධාරීන් සහ සෙසුනිලයින් 75 දෙනෙකු සහභාගී වූහ.

12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මිහිඳු පෙරේරාගේ උපදෙස් හා 121 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජනක උඩෝවිට ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. මොණරාගල රෝහල වෙතින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා සාමාජිකයන් විසින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබුණි.

18 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් ආර්.එම්. පතිරාජ සිය භටපිරිස් සමඟ එක්ව එම කඳවුරු පරිශ්‍රයේදී මෙම පරිත්‍යාග වැඩසටහන සංවිධානය කරන ලදී.

18 වන ගැමුණු හේවා බලකායේ දෙවන අණදෙන නිලධාරී මේජර් ඩී.ඩී. ලොකුසිංහආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ සම්බන්ධීකරණය මත මෙම වැඩසටහන ඉතා සාර්ථක අයුරින් පවත්වන ලදී.