Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th February 2023 18:10:43 Hours

144 වන බලසේනාවේ අභිමානවත් 10 වන සංවත්සරය සැමරේ

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි 144 වන බලසේනාවේ 10 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වින්දන කොඩිතුවක්කු ගේ මූලිකත්වයෙන් ජනවාරි මස 31 දින සිට පෙබරවාරි මස 01 දින දක්වා බෞද්ධ ආගමික වතාවත් සහ හමුදා විධිවිධාන මධ්‍යයේ සැමරුම් උත්සවයක් පැවැත්විණි.

පෙබරවාරි මස 10 දිනට යෙදුණු සංවත්සර දිනයේදී එම මූලස්ථානයේ ප්‍රධාන දොරටුව වෙත සපැමිණි බලසේනාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. අනතුරුව, සෙසුනිල භෝජනාගාරයේ පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා නිලධාරින් සහ සෙසුනිලයන් සමඟින් එතුමන් ද සහභාගී වූහ.

සංවත්සර දිනයේදී බත්තරමුල්ල ජයසුමනාරාම විහාරස්ථානයේ භික්‍ෂුන් වහන්සේලා එම කඳවුරු පරිශ්‍රය වෙත වැඩමකළ අතර එහිදි උන්වහන්සේලා වෙත දානය පූජාකරන ලදී.

ඓතිහාසික කැලණිය විහාරස්ථාන පරිශ්‍රයේ 2023 ජනවාරි මස 31 දින බෝධි පූජාවක් පවත්වමින් දිවංගත රණවිරුවන්ට පිං අනුමෝදන් කර රණක්‍ෂිතයට පත්ව සිටින සහ සේවයේ නියුතුව සිටින භටපිරිස් වෙත ආශිර්වාද එක්කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල සහ 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රොෂාන් ජයමාන්න ගේ මඟපෙන්වීම යටතේ මෙම සංවත්සර සැමරුම් උත්සවය ක්‍රියාත්මක කෙරිණි.