Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th May 2018 17:23:36 Hours

14 වන සේනාංකයේ භට පිරිස් කඩුවෙල තාවකාලික පාලමක් ඉදිකරයි

අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ ජල මට්ටම සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින අතර කැලණි ගඟ හරහා ඉදිකර ඇති කඩුවෙල පාලම බිඳියාමේ අවධානමක් ඇති බව දැනගැනීමෙන් අනතුරුව බ්‍රහස්පතින්දා (24) දින මධ්‍යාහනයේ 14 වන සේනාංකයේ භට පිරිස් යුහුසුළුව ක්‍රියාත්මක විය.

පාලම දෙපස ඉවුර කාදනය වී පස්බැම්ම කැඩියාමේ අවධානමක් පවතින කඩුවෙල පාලම වෙනුවට 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් සමඟ එක්ව තාවකාලික පාලමක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන ලදී.

ඒ අනුව, යුද්ධ හමුදා භට පිරිස් විශාල ලෝහ ව්‍යුහයන් භාවිතා කරමින් තාවකාලික පාලමක් ඉදිකරමින් පවතින් අතර හදිසි ආපදාවක් ඇති වූවහොත් ඕනෑම වාහනයක් මෙම පාලම මතින් ගමන් කිරීමේ හැකියාව ද පවති. යුද්ධ හමුදා සාමාජිකයින් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කාර්යබහුලව පාලමේ ඉදිකිරීම් කටයුතු තවදුරටත් සිදු කරනු ලබයි.

jordan Sneakers | Ανδρικά Nike