Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th November 2022 20:48:16 Hours

12 වන සේනාංකයේ භටපිරිස් ගංජා හේනක් වටලයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ භටපිරිස් එම බලසේනාවේ බුද්ධි අංශ නිලධාරින් වෙතින් ලද තොරතුරකට අනුව හම්බේගමුව පොලිස් ස්ථානයේ නිලධාරින් සමඟ එක්ව පසුගිය බ්‍රහස්පතින්දා (17) දින ඌව කුඩාඔය, බලහරුව ප්‍රදේශයේ අඩි 4 ත් 5 ත් අතර උසැති ගංජා වගාවක් වටලා විනාශ කරනු ලැබීය.

නීතිවිරෝධී ලෙස අලෙවි කිරීම සඳහා රහසිගතව වගාකර තිබූ පැළ 20,000 කින් පමණ සමන්විත මෙම ගංජා වගාව පිළිබඳව යුද්ධ හමුදා සාමාජිකයන්ට ලැබුණු තොරතුරකට අනුව මෙසේ විනාශ කෙරිණි.

දිවයින පුරා ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළට සමගාමීව 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මිහිඳු පෙරේරා ගේ උපදෙස් හා 121 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජනක උඩෝවිට ගේ අධීක්‍ෂණය මත යුද්ධ හමුදා භටපිරිස් විසින් සිදුකරනු ලැබූ මෙම වැටලීම වෙනුවෙන් හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරින් ද සිය සහයෝගය ලබා දී තිබිණි.