Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12 වන සේනාංකයේ භට පිරිස්හි සම්බන්ධිකරණයෙන් පාසල් උපකරණ බෙදාදිමක්

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ සම්බන්ධිකරණයේ හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි කැන්දගස්මන්කඩ ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් සඳහා පාසල් උපකරණ, අභභාස පොත් සහ අනෙකුත් ලිපිද්‍රව්‍ය බෙදාදීමක් සඳුදා (06) දින සිදු කරන ලදි.

නුගේගොඩ සිංහ සමාජය සහ නුගේගොඩ සමුද්‍ර දේවි බාලිකා විද්‍යාලිය ආදි ගුරු සංගමය සමග එක්ව මෙම පරිත්‍යාගයන් සිදු කළ අතර, එම පාසලේහි ගුරුවරුන් සහ සිසුන්, ඔවුන් වෙත සිය ස්තුතිය ද එහිදි පුද කළහ.

12 වන සේනාංකයේ සේනාංකාධිපති නියෝජනය කරමින් 122 බලසේනාවේ නිලධාරින් සහ සෙසුනිලයින් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Nike Sneakers Store | Women's Designer Sneakers - Luxury Shopping