Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st December 2018 18:05:13 Hours

11 වන සේනාංකයේ භඨපිරිස් මැතිවරණ රාජකාරීන් පිළිබඳ දැනුවත් වේ

මහනුවර දිස්ත්‍රි්ක්කයේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ටි. ඒ. සි. එන්. තලන්ගම මහතා විසින් මැතිවරණ රාජකාරීන් පිළිබඳව දැනුවත් කිරිමේ වැඩසටහනක් මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ පල්ලේකැලේ ප්‍රදේශයේ පිහිටි 11 වන සේනාංකයෙහි මෑතකදි පවත්වනු ලැබීය. මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා රයිෆල් බළකායේ නිලධාරීන් හා යුද්ධ හමුදා සාමාජිකයින් 59 ක් සහභාගීවිය.

ශ්‍රී ලංකා මැතිවරණ කොමිසන් සභාව විසින් මැතිවරණ රාජකාරීන් පිළිබඳ ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලිස් සාමාජිකයින් දැනුවත් කිරිමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරණ ලදි.

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපතිතුමන්ගේ මඟ පෙන්විම මත 11 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සම්බණ්ධිකරණයෙන් මෙම වැඩසටහන පවත්වන ලද අතර, එහිදි මැතිවරණ රාජකාරින් සඳහා 2017 සිට 2020 දක්වා වන උපක්‍රමික සැලැස්ම පිළිබඳව මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් විසින් ඉදිරිපත් කිරිමක් අනුසාරයෙන් යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කළහ.Nike Sneakers | adidas Campus 80s South Park Towelie - GZ9177