Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th December 2016 10:50:43 Hours

11 වන සේනාංක භට පිරිස් විසින් ශ්‍රී දළදා මාලිගාව පරිශ්‍රයේ ඇළ පද්ධතිය පිරිසිදු කරයි

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත මහනුවර 11 වන සේනාංක භට පිරිස් විසින් ශ්‍රී දළදා මාලිගාවේ ලේකම් විසින් කරනු ලබන ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස දෙසැම්බර් මස 15 සහ 16 යන දිනයන් හි දළදා මාළිගාව පරිශ්‍රයේ ඇති ඇළ මාර්ගයේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වනු ලැබීය.

11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.එස්.එන්.කේ සේනාධීරගේ අධීක්ෂණය යටතේ සිදු කළ එම පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා යුද හමුදා නිලධාරීන් ද ඇතුළුව භට පිරිස් 100 කට අධික පිරිසක් සහභාගි වූහ.

දින දෙකක් පුරා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් එම ඇළ මාර්ගය යථාතත්වයට පත් කරනු ලැබීය.

Sports brands | Nike