Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd June 2018 18:11:24 Hours

10 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් යාපනය ශීක්‍ෂණ රෝහලට ලේ පරිත්‍යාග කරයි

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 10 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ 24 වන සංවත්සරයට සමගාමීව යාපනය ශීක්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් බ්‍රහස්පතින්දා (24) දින මරදන්කේනි ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වූහ.

මෙම ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනේ දී 10 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරින් සහ සෙසුනිලයින් 102 ක් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී ලේ පරිත්‍යාග කරනු ලැබීය.

යාපනය ශීක්‍ෂණ රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්යමණ්ඩලය මෙම පරිත්‍යාගය වෙනුවෙන් යුද්ධ හමුදා සාමාජිකයින්ට සිය ස්තුතිය පිරිනැමූහ.

Nike air jordan Sneakers | Nike KD 14 Colorways, Release Dates, Price , Iicf