26th March 2024 19:37:55 Hours
හදිසි අනතුරකින් හදිසියේ අභාවප්‍රාප්ත වූ 10 ශ්‍රී ලංකා සංඥා බලකායේ කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ පවුලේ සමාජිකයන් සඳහා එම ඒකකයේ භටපිරිස් විසින් ඉදිකර දෙනු ලැබූ නව නිවස පසුගිය සිකුරාදා (මාර්තු මස 22) ප්‍රථිලාභීන් වෙත පවරා දෙන ලදී.
නිවස ඉදිකිරීම සඳහා ‘අපි වෙනුවෙන් අපි’ අරමුදලේ මූල්‍යමය දායකත්වය සහ 10 ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය ලබා දුන්හ. නව නිවස ප්‍රථිලාභීන් වෙත භාර දීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 10 ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරී මේජර් ටී.ටී.එන්. මෙන්ඩිස් යූඑස්පී සහභාගී විය.
භටපිරිස් විසින් එහිදී එම පවුලේ සමාජිකයන් වෙත වියළි ආහාර ද්‍රව්‍ය සහ පාසල් උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදී.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් එක්ව සිටියහ.