Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th June 2023 18:00:46 Hours

1 බලකායේ 4 වන බලකාධිපතිතුමන් රාජකාරි අරඹයි

කිලිනොච්චිය ප්‍රදේශයේ ස්ථාපිත 1 බලකායේ 4 වන බලකාධිපති ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය බ්‍රහස්පතින්දා (ජුනි මස 08) දින හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ප්‍රධාන දොරටුව වෙත සපැමිණි මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. පසුව, 1 බලකායේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් පී.සී.එල්. ගුණවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ.

මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සුබ මොහොතින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කළේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබූ සමූහ ඡායාරූප කිහිපයකට එක් වූ එතුමන් එම මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. 1 බලකායේ බලකාධිපතිතුමන් නිලධාරින් සහ සෙසුනිලයන් ආමන්ත්‍රණය කරමින් ඔවුන්ගේ රාජකාරි සහ වගකීම් ස්වභාවය පිළිබඳව ද එහිදී දැනුවත් කරනු ලැබීය.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් කොනොනි සමාජ ශාලාවේ පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයකට එක් වූ මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ එහිදී භටපිරිස් සමඟින් සුහද අදහස් හුවමාරුවක ද නිරතවිය. මෙම වැඩසටහන සඳහා 1 බලකාය යටතේ සේවයේ නියුතු සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, 1 බලකායේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.