27th April 2017 13:16:36 Hours
යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබු ‘විඩියෝකරණ හා නිශ්චල කැමරාකරණ පාඨමාලා අංක- 14’ බදාදා (26) දින සන්ධ්‍යාවේ රත්මලාන යුද්ධ හමුදා කඳවුරේ දි සාර්ථකව නිමාවට පත්විය.
නිශ්චල ඡායාරූප සහ විඩියෝ තාක්ෂණය පිළිබඳ දැනුම වැඩි දියුණු කිරිමේ අරමුණින් පුරා මාසයකට අධික කාලසිමාවක් පැවති මෙම පාඨමාලාව සඳහා සියලු රෙජිමේන්තු නියෝජනය කරමින් යුද්ධ හමුදා සමාජිකයින් 36 දෙනෙකු සහභාගි වුහ.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වු ජනමාධ්‍ය අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් රොෂාන් සෙෙනවිරත්න අවසන් දේශනය සිදු කරමින් මෙම පාඨමාලාවේ ඇති වැදගත්කම අවධාරණය කරමින් සහභාගි වුවන් සඳහා සහතිකපත් ලබාදුන් අතර, මෙම පාඨමාලාවේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථානයන් පිළිවෙලින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කෝප්රල් පී.එල්. මංගල, විශේෂ බලකායේ ලාන්ස් කෝප්රල් ඒ.ජි.එන්.ලක්ෂාන් සහ ඉංජිනේරු සේවා බලකායේ කෝප්රල් ඩබ්.ඒ.සි.කේ. විජේසිංහ හිමිකරගනු ලැබුහ.
කර්නල් ජනමාධ්‍ය කර්නල් මනෝජ් ලමාහේවා, ප්‍රධාන මාණ්ඩලික නිලධාරි – I ලුතිනන් කර්නල් දුමින්ද ප්‍රනාන්දු, පාඨමාලා සම්බන්ධිකරණ නිලධාරි මේජර් සුජිත් මාරසිංහ, මාණ්ඩලික නිලධාරින් සහ උපදේශක බළලත් නිලධාරින් මෙම පාඨමාලාවේ සමාප්ති උත්සවය සඳහා එක්ව සිටියහ.
bridgemedia | Nike