Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th May 2017 16:45:25 Hours

‘ඉඟිනළු සමඟින් වෙසක් බැති ගී’ ඉතා උත්කර්ෂවත් අයුරින් නෙළුම් පොකුණ රඟහලේ දී

‘ඉඟිනළු සමඟින් වෙසක් බැති ගී’ වැඩසටහන අඟහරුවාදා (16) දින සන්ධ්‍යාවේ නෙළුම් පොකුණ රඟහලේ දී සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති අතර මෙම ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ජනාධිපති ලේකම් පි.බී. අබේකොන් මහතා සමඟින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, පි.බී. අබේකොන් මහත්මිය සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි නයනා ද සිල්වා මහත්මිය ද මීට එක්ව සිටියහ.

මෙම අවස්ථාවට සපැමිණි ජනාධිපති ලේකම් පි.බී. අබේකොන් මහතා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් පිළිගනු ලැබීය.

එක්සත් ජාතින්ගේ වෙසක් දින සැමරුම සහ ජාතික වෙසක් උත්සවයට සමගාමිව පැවැත් වූ මෙම ප්‍රසංගය සඳහා යුද්ධ හමුදා විධායක ජෙනරාල් ශාඛාවේ අධික්ෂණය යටතේ යුද්ධ හමුදා තූර්ය වාදක හා රංගකලා අධ්‍යක්ෂ මණ්ඩලයේ වෘත්තීය මට්ටමේ කලාකරුවන් රැසක් දායකත්වය දැක්වූ අතර, මුද්‍රා නාට්‍ය ශිල්පීන් 150 දෙනෙකු, ගායන ශිල්පීන් 40 දෙනෙකු සමගින් 40 දෙනෙකුගෙන් සමන්විත වාදක මණ්ඩලයක් සිය හැකියාවන් ප්‍රදර්ශනය කරමින් මෙම ප්‍රසංගය වර්ණවත් කරනු ලැබූහ.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ සංකල්පයකට අනුව සංවිධානය කළ මෙම ප්‍රසංගය බුදුන්වහන්සේගේ තෙමගුල සහ විවිධ ආගමික කතා වස්තූන් තේමාකරගනිමින් පැවති අතර, ඊට අමතරව යුද්ධ හමුදා සංස්කෘතික කණ්ඩායමේ සහ ගායන ශිල්පීන්ගේ විවිධ හැකියාවන්ගෙන් වර්ණවත් විය.

නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතා, ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චිෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයන්පති, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඇතුලු ආරාධිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

best shoes | Footwear