06th June 2018 17:34:32 Hours
නුදුරේදී පැවැත්විමට නියමිත දකුණු ආසියානු කලාපීය සිවිල් කටයුතු සබැඳි සම්මන්ත්‍රණයට පෙර ශ්‍රී ලංකාවේ සිවිල්-ආරක්‍ෂක හමුදා සහයෝගීතා ව්‍යාපෘතින් (Civil-Military Cooperation (CIMIC) projects) පිළිබඳ අධ්‍යයනයක නිරත වීමට පැමිණ සිටින ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් විධානයේ (USPACOM) හි නිලධාරින් 04 දෙනෙකුගෙන් සමන්විත නියෝජිතයින් පිරිසක් සිකුරාදා (01) දින යුද්ධ හමුදා මුලස්ථාන හමුදාධිපති කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
මෙම සුහද හමුවේදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 2009 මැයි මාසයේ මානුෂීය මෙහෙයුම සාර්ථකව අවසන් කිරීමෙන් පසු යුද මෙහෙයුම් පැවති උතුරු සහ නැගෙනහිර පළාත්හි සිදුකරනු ලබන සිවිල්-ආරක්‍ෂක හමුදා සහයෝගීතා ව්‍යාපෘතින් පිළිබඳව යුද්ධ හමුදාධිපතිවරයා විසින් කරුණු ඉදිරිපත් කරන ලදී.
යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු පිළිබඳව මෙම නියෝජිත පිරිසේ නායකත්වය දරන ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් විධානයේ කපිතන් ජෙෆ්රි බෙන්ටොන් (Captain Jeffry Benton) සාවධානව සවන් දුන් අතර, මේ වනවිට උතුරු නැගෙනහිර පලාත් හි ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතින් පිළිබඳ කරුණු දැක්වූ යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය කෘතඥතාවය පළ කර සිටියහ. එමෙන්ම යුද්ධ හමුදාවේ කාර්යභාරයට පරිබාහිරව සිවිල් වැසියන් සඳහා ලබාදෙන්නා වූ ප්‍රතිලාභයන් කෙරරෙහි ද විවිධ පැතිකඩයන් ඔස්සේ විමසා සිටි අතර ඒ සදහා යුද්ධ හමුදාවේ ප්‍රවේශය පිළිබඳ ප්‍රශංසා කළහ.
මෙම හමුවට සමඟාමිව එම නියෝජිත පිරිස, එක්සත් ජනපද හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර විවිධ ක්ෂේත්‍ර ඔස්සේ යෙදවීම සබැදිව ද විශේෂ අවධානයක් යොමුකරන ලදී.
මෙම සුහද හමුව අවසානයේ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් විධානයේ (USPACOM) නියෝජිතයින් වෙත සිය උණුසුම් සුභ පැතුම් එක්කරන ලද අතර එම නියෝජිත පිරිස විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඉදිරියේදී සිදුකිරිමට නියමිත ප්‍රජා ව්‍යාපෘතින් සාර්ථකව නිමකිරිම සඳහා සුභ පැතුම් එක්කළහ. මෙම හමුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ආරක්‍ෂක අමාත්‍යාශයේ ඉල්ලීම මත සංවිධානය කරන ලදී.
යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවති මෙම හමුව සඳහා යුද්ධ හමුදා මුලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ධනංජිත් කරුණාරත්න ද එක්ව සිටියහ.
Nike shoes | Entrainement Nike