Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd July 2019 15:55:11 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ විශේෂ විමර්ශන ඒකකය විසින් අධ්‍යන චාරිකාවක් සංවිධානය කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 22 වන සංවත්සරය නිමිත්තෙන් විශේෂ විර්ශන ඒකකය විසින් සංවිධානය කරන ලද අධ්‍යන චාරිකාවක් ඉකුත් බදාදා (3) දින නිලධාරීන් 04 දෙනෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් 116 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සංවිධානය කර තිබිණි.

වරාය, කෞතුකාගාරය සහ ග්‍රහලෝකාගාරය ආවරණය වන පරිදි මෙම විශේෂ අධ්‍යන චාරිකාව සංවිධානය කර තිබු අතර එම චාරිකාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ විශේෂ විමර්ශන ඒකකයේ අණදෙන නිලධාරී කර්නල් ඒ.සී.ඒ ද සොයිසා ද සහභාගී විය.

මෙම චාරිකාව වෙනුවෙන් සහභාගී වූ කණ්ඩායම කොළඹ වරායට ලඟා වූ අවස්ථාවේදී ඔවුන්ට ජයා කාගෝ පරිපාලන ප්‍රදේශය, පාලක මැදිරිය, වරාය තොටුපොල මෙහෙයුම් ප්‍රදේශය සහ නැව් තාටාංගන පරිශ්‍රය ඇතුළු නාවික ඉංජිනේරුවන් විසින් ඉදිරිපත් කරන ලද පුළුල් දේශනයක් ආධාරයෙන් අත්දැකීම් රැසක් ලබා ගැනීමට ද අවස්ථාව හිමිවිය. නැව් තටාංගන ආශ්‍රිත සංචාරය නිමා කළ මෙම පිරිස ඉන් අනතුරුව කොළඹ කෞතුකාගාරය සහ ග්‍රහලෝකාගාරය ද නැරඹීමට ද එක්වූහ. affiliate link trace | Men’s shoes